Tuesday, 29 October 2013

5.~කදුල~

දරන්නට හැකිය මට බර වුණත් කොයිතරම් ....
නෙතුපියන් අගට නුබ දුන්නු ඒ කදුළු බිද .....
පිසදමා හිනැහෙන්න බැරිය මට කිසිදාක ...
එකම දේ නේද ඒ නුබේ පෙම ශේෂ කළ.....

12 comments:

  1. KAI LIYANTA DANNE NATHNAM IGENA GANNA EK KENEK INNAWA, EYATA KIYANNE KAKKA THUMA KIYALA. ETHUMA NITHARAMA KAI PADA BADAN INNAWA.

    ReplyDelete
    Replies
    1. මන් දන්නේ නැහැනේ එයාව

      Delete
  2. දරන්නට හැකි උවත් ඔබට මා දුන් කඳුල...
    ද‍රාගත නොහැක මට මා සිතේ තියෙන බර...
    චපලවී හැරගියත් පෙර දිනක මා නුඹව...
    මතක පැටලී අදත් සිතින් දුක් විදිමි මම.....

    කවිය ලස්සනයි ඔමා. දැන්නම් වැඩේ නැගලම යනවා නේද?

    ReplyDelete
    Replies
    1. හැමදාම එකක් ලියනවා ප්‍රියා මං නිසා ඔයාලත් ලියනවනේ

      Delete
    2. ඉතිං හොද‍යිනෙ. ඔයගෙ කවි ලස්සනයි. දිගටම කවි ලියන්න නවත්තන්න නම් එපා.
      අපිත් පුලුවන් හැම වෙලේම කවියෙන්ම උත්තර දෙන්නම්. හැබැයි එහෙම බැරි වුන වෙලාවට තරහා වෙන්න එහෙම එපා.

      Delete
  3. උත්සාහ කරමු නැද්ද...???

    ReplyDelete
  4. පෙරදාක හැර ගියද, මා නුඹව......
    දුකක් දෙන්නට නෑ සිතුවේ කිසි කලෙක.....
    දුප්පත්ව ඉපදි මා ලොවට......
    වරද කිම නුඹගේ එ දුක් කන්ද ගෙවන්නට මා සමග.......

    හිතා ගත් කලක නුඹේ සැපවත් දිවි පෙවෙත.....
    දෙන්ට බැරිමය මගේ මේ දුක් කන්ද.....
    අකමැතිව හැර යන්න හිතා ගත් කාලයේ සිටම,මා නුඹව.....
    අද වෙන තුරාවට මැරි ,මැරි උපදිමි සිය දහස් වාරයක් දිනට.....

    ReplyDelete
    Replies
    1. ඔයාට වෙයි මට ගෙවන්න කවිලියන්න දෙනවට ඈ ඔන්න

      Delete
  5. ඔයා දුන් කඳුලු මුතු නෙතු අගින් ගිලිහිලා
    …කොපුල් මත වියැකෙන්න නොදී සුරතට නෙලා
    …සෙනේ රන් හුයක ඒ කඳුලු මුතු අමුණලා
    …ආදරේ මතක මුතු දම රකිමි දිවි තුරා


    …හී.... මෙතන ෂෝයි විරිත් අරවා මෙවුවා නැතුව හිතට එන බොළඳ කවි සේරම ලියලා යනව මම මේකෙ. මේ වගේ කවි වෙනදට කොච්චර ලියවුනත් මම කරන්නෙ ඉරලා විසි කරන එක. ඒත් මෙහෙම ඔහේ ලියද්දි මාර නිදහසක් දැනෙනවා හිතට.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්තම තමා බස්සි. හිතේ නිදහසෙන් කවී ලියන්න තියෙන තැන් අඩුයි.
      මට නම්ඔක්කොටම වඩා වටින්නෙ හිතේ නිදහසෙන් යමක් ලියන්න කියන්න තියෙන එකයි.

      Delete
    2. අනේ දෙන්නටම කියන්නේ හැමදාම ඇවිත් කුරුටුගාලා යන්න හොදේ ,,ප්‍රියෝ වෙලාව ලැබෙන විදියට එන්න

      Delete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං