Monday, 28 October 2013

3.අහිමි නුබ

හිතේ රැදී නුබේ රුව....    
බොදකරන්  කදුලුකැට...    
ඉකිබිදිමි හැමදාම .....    
නොකලමුත් නුබ මෙමට ..    
පෙම්කළෙමි මා නුබට ....    
උරුම මට දුක පමණි ....    
නුබට පෙම්කළ පවට ........    

14 comments:

  1. "උරුම මට දුක පමණි..
    නුඹට පෙම් කළ පවට..."

    ඒක පාර්ශවීය ප්‍රේමයකින් දුක, කඳුල, වේදනාව හැර ලබා ගත හැකි සතුටක් නෑ.
    පෙම් කෙරුම පවක් යැයි හැගෙන තරමට විරහා දුක විදි පෙම්වතියකගෙ හැගීම් හොදට පෙන්නලා තියෙනවා ඔමා.
    සුභ පැතුම්!.

    ReplyDelete
    Replies
    1. කෝ කවියක් ඈ ? මන් කිවුවා නේද කවියක්ම ලියන්න කියලා කොමෙන්ට් එකට හි හි ස්තුති ප්‍රියෝ,,

      Delete
  2. කඳුලු කැට බොඳ කරන්...
    ඉකිබින්ද නමුත් නුඹ...
    ඔහු දන්නෙ කෙලෙසකද...
    නූඹෙ සිතේ තිබෙන පෙම...
    එක් වරක් මුණ ගැසී...
    ඔබේ පෙම පවසන්න....
    පිවිතුරු වු ඔබේ පෙම...
    පවක් යැයි නොතකන්න...

    ඔන්න ඔමා කවිය.
    :-) :-)

    ReplyDelete
  3. නොලැබෙනා නමුදු පෙම් ඇරයුමට පිලිවදන්
    වියැකිලා නොයනු ඇත ඒ මතක හදවතින්
    තනිවෙලා ඉකිබිඳින කඳුළ හද ගුලිකරන්
    පියඹලා යන්න දිවි මග නිමා නොවු බැවින්


    කෝ කොතනද අනේ කවියකින්ම පිලිතුරු දෙන්න කියලා තියෙන්නෙ??

    ReplyDelete
    Replies
    1. හා බස්සියේ ,,, ඔය උඩ තියෙන්නේ

      Delete

  4. ඉතින් දැන්නම් කමක් නැත නුඹ......
    පෙම් නොකෙරුවට මගේ හිත වෙත....
    තරහා නෑ මන් කවමදාවත්.......
    හිනෙකින් හැමදාම නුඹ ලග,......
    තුරුලේ ඉන්නට වරම් ඇත මට.......

    ReplyDelete
    Replies
    1. ෂා මට වඩා සුපිලි ඔයාගේ එක ,,තැන්කු හැමදාම මගේ කුරුටු බුරුටු කියෝනවට

      Delete
  5. ලොකු කතාවක් කියන කෙටි සිතිවිල්ලක්.....
    නිර්මාණය ඉතාමත් අගෙයි....
    කෙටියි.....
    නමුත් රසය උපරිමය.....
    දිගටම කවි සිතුවිලි ලියන්න.
    මාතලන්ගෙ සින්ඩියේ එල්ලන්න.
    කොහෙද කවියෙන් පිළිතුරු දෙන්න කියල තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. කොහෙවත් නැහැ ඉන්නකෝ කොහෙහරි දාන්න ,,නිකන් කිවේ

      Delete
  6. ඔමායා ඇත්තෙන්ම ඔයා ගොඩක් ලස්සනට ලියලා තියෙනවා. මම අද තමයි මේ බ්ලොග් එක බැලුවෙ.
    මම සුභ පතනවා.
    දිගටම ලියන්න

    ReplyDelete
  7. නොලැබෙනා කෙනෙක් වෙත
    පෙම් කරල පළක් නැත
    සොයා එන ආදරය
    උතුම් වෙයි හැම කලම

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං