Monday, 28 October 2013

4.කොහිද නුබ

ආදරයේ සොදුරු ඉසවු පෙන්වා ,,
සීමාවක් නොවූ.. 
ඔබ මැවූ ලෝකයේ ,,
ක්ෂිතිජ ඉමේ රුව සඟවා ,,

නොපෙනී.. ඈතට යන්න ගියා ....

9 comments:

  1. .......වගේම එන්නම වෙනවා දවසක
    නුඹ මැවු ආදර ලෝකය හැඩ කරන්න.......

    එතකම් මන්,මගේ තනියට අපේ මතක .....
    හිතේ කොනක බැද තබන්න......
    දුන්නු හාදු සිතින් මවා......
    කල්ප කලක් බලන් ඉන්න ......

    අනන්තයට මල් අතුරා.....
    සිතිජ ඉමේ තරු එල්ලා.....
    සද සාවිට ගී කියන්න පද අමුනා....
    නුඹ එන තුරු බලා ඉදිමි සසර පුරා.....

    ReplyDelete
    Replies
    1. මතක මකනු ඇති නිරතුරු තනි
      සිහින රැදෙනු ඇති රගමින් නිති
      කවිය මවනු ඇති වනමින් සිරි
      නුබව දකින තුරු නොනිදා ඉමි

      Delete
  2. ඈත ගියත් මා ඔබගෙන් පෙරක එදා...
    ඔබේ මතක හද පතුලේ ඇත සැමදා...
    කාලය ගෙවා මා එමි දිනයක මතුදා...
    ඒ දින එන තුරා ඉවසනු හැකිද? සදා....

    ReplyDelete
    Replies
    1. ගියදා දමා ඔබ මාගෙන් දුර
      නොනිදා ගෙවුණු සිහිනය මල්වර
      ගනිමින් ගෙවුණි දෑගිලි සිය වර
      සිටිනෙමි බලා එනතුරු ඉදුවර

      Delete
  3. ඈතක සිටියද නොපෙනී ඔබගෙන්
    දිනයක් එයි මට ඈතට නොගොසින්
    හිරිපොද වැස්සක් වාගේ වැටෙමින්
    මා එන්නම්.... නුඹ වෙත විගසින්

    ReplyDelete
    Replies
    1. දන්නෙමි එනවග මා මගේ හිමි සද
      මැන්නෙමි පියවර බෝ සමිදුන් ළග
      වැන්දෙමි සියවර කැළණිය පිංබිම
      ඉන්නෙමි එනතුරු මුහුණ සිබින්නට

      Delete
  4. සාගරයේ පෙණ පිඬුවක් පාසා
    …ආදරයේ සිහින පැතුම් තවරා
    …ඒ මතුයේ පිණි කඳුළැල් අතුරා
    …මා සිටියේ ඔබ යලි ඒවි කියා......

    ReplyDelete
    Replies
    1. යුනිකෝඩ් වලට පිස්සු හැදී ඇත. මගේ කවිය මැද තිත් පේලි වැටෙන්නේ ඒකය. :(

      Delete
  5. miyena thuru ma langata wee sada nowenas senehe mata dee innawa kiu numba ada duras wee awasarada miyadenna sadahatama mata numbage wee......

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං