Wednesday, 30 October 2013

6 ,මමයි සඳයි


සඳට නැත තනිකමක්...තරුපන්ති ඇත හුඟක් 
මට කොයිද පිරිවරක් ...තනිය මා වටකරන්
ඇයට නැත කළුවරක්...හිරුඑළිය දෙයි හුඟක් 
කොහෙන් මට පුරහඳක්..නුබ මගෙන් දුර ගිහින් 

10 comments:

  1. පිරිවරක් නැති වුවත් ඔබේ තනි රකින්නට...
    එක හදක් ඇත අදත් ඔබේ හද පතාගෙන...
    අතැර ගිය තරුව ගැන යලි යලිත් නොසිතන්න...
    ඔබව පතනා හදට මිණි පහන ඔබ වෙන්න....

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ප්‍රියා ,, ඔයා හොදට ලියනවා දැන් ,,

      Delete
  2. මම බ්ලොගේ දාපු කයියක්ම මෙතන ලියන්නම් හොඳේ....

    … නිශා අහසේ - නැගී තරු වැල්
    සිනා සැලුවත් කොයිතරම්,
    වලා සළු මැද - දිලෙන පුරහඳ
    කෙසේ උන් හා සමකරම්,

    අනේ පුරහඳ - වනේ විල මැද
    විකසිතවු කුමුදිනිය මං,
    ඔබේ දසුනෙන් සැනහුනෙම්,
    කෙසේ ගගනත පියමනිම්,
    සෙනේ සඳකැන් විදාලන් විල් දිය මතින්,
    සිහිල විඳගමි හදවතින්,

    අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්.....!



    …මේ කයිය ලිවුවේ අර මගේ නොවන මගේම මෙවුවා එකට දැනට අවුරුදු දහයකටත් කලින්. :)

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ඒක ගැන ලියපු පෝස්ට් එකේ ලින්ක් එක දෙන්ටකෝ ,,

      Delete
    2. පෝස්ට් එකේ තියෙන්නෙත් ඔච්චරම තමයි ඔමා. මෙන්න ලින්ක් එක.
      …http://bassigenawathana.blogspot.com/2013/08/blog-post_36.html

      Delete
    3. තැන්කු මන් කියෝනව මේ ටිකේ රෙහානිගේ බ්ලොග් එකත් ,, මගේ මේ කුරුටු වලට කොමෙන්ට් කරනවට තැන්කු යශෝ

      Delete
  3. මම නුඹේ වෙන හෙට දිනක්---------------සිහිනෙන් මවා ගමි හැම රැයක්......
    සැබැවි සැබැ වෙන හිනයක්--------------------ගැන ඇගිලි ගනිමින් සිටි කලක්.......
    නුඹට වෙන්නට පුරහඳක්-----------------ලගදීම එන්නෙමි තව වරක්.....
    කවුරුත්ම දන් නැති හෙට දිනක්----------මනමාලි වෙන්නම්,අතින් ගෙන මම මල් මිටක්.......

    ReplyDelete
  4. //කවුරුත්ම දන් නැති හෙට දිනක්----------මනමාලි වෙන්නම්,අතින් ගෙන මම මල් මිටක්......// මේකට තමයි දැන් මාත් ඉන්නේ ඉදගෙන අක්කේ :)

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වේ.ඒක මතක් වෙලා තමා ලියවුනේ මෙහෙම නංගෝ හිටගෙන

      Delete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං