Friday, 1 November 2013

7.කඩුපුලක්


අඩසඳට...
පෙම්බැන්ඳ....
කඩුපුලක්.....
මිලිනවෙයි....
ලෝකයට....
 හොර හොරා ...
පාළු තුරුමුදුන් වල ...
රැහැයියන් ශෝක ගී ...
ගායනා කරද්දී ....

12 comments:

  1. ඇයි ඔබට බැරි.....
    සද මෝදු වන තෙක් සිටින්න....

    ReplyDelete
    Replies
    1. කදුපුලක ඉරණම වෙනස් කල හැකි ජගතෙක් මේ මිහිපිට ඉටීද ?

      Delete
  2. මිලින වන බව දැනත්....
    අඩසඳට පෙම් බැන්ද....
    කඩුපුලට ආදරෙයි....
    සඳකුමරු පෙර සේම....

    රැහැයි ගී ඇසෙන කල....
    මිලින වන කඩුපුලට....
    පෙම් බැන්ද සඳ කුමරු....
    මා නොවෙද ඉකි බිදින....

    අදත් කවිය ලස්සනයි ඔමා. සුපිරි.

    ReplyDelete
    Replies
    1. මන් ලියපු නිකම්ම නිකන් වචන ටිකට වඩා ඔයාගේ කවිය ලස්සනයි ප්‍රියෝ

      Delete
    2. අයියෝ ඔමා කවදාවත් එහෙම කියන්න එපා. තමන්ගෙ නිර්මාණයකට කවදාවත් නිකම්ම වචන ටිකක් කියලා අගෞරව කරන්න එපා. මොකද මං නම් හිතන විදියට තමන්ගෙ නිර්මාණයක පලමු රසිකයා තමන්මයි.
      මට කවි ගැන දැනුමක් නම් නෑ. මං කවි ගැන ඉගෙන ගෙනත් නෑ. ඒත් ඔයාගෙ කවි ලස්සනයි කියන්න තරම් රසවින්දනයක් නම් තියෙනවා. ඒ කවි ඇත්තටම ලස්සනයි.

      Delete
    3. හරි අයියේ ,, හැමදාමත් මාව දිරිමත් කරන කෙනෙක්නෙ ඔයා ,, ආයේ එහෙම කියන්නේ නැතෝ ඉදගෙන

      Delete
  3. කඩුපුල අඩ සඳේ රැස් මැද හැකිලෙනවා
    අමාවක ලබා අඩසඳ මියයනවා
    අලුත් පුරහඳක් ආයෙත් පායනවා
    තවත් කඩුපුලක් ඒ දැක පිබිදෙනවා

    ReplyDelete
    Replies
    1. මෙයා කියන බොරු ඉදගෙන :)

      Delete
  4. කඩුපුල් මලට
    උපමා නෑ තියන්න
    සුවඳ විහිදුවාගෙන
    මහ රෑක පිපෙන..........
    දහවල ගිනි රස්නය
    දරන්නට බැරි කමට
    මිලිනවන කඩුපුල
    වගෙමයි
    මගේ ආදර හිත

    ReplyDelete
    Replies
    1. මොකුත්ම කියන්නේ නැහැ මයි මං හ්ම්ම්

      Delete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං