Sunday, 24 November 2013

16.මං දැන් තාත්තෙක්

පිරුණු කුස දකින විට මා නමින් 
නැගෙන  විට වේදනා ඔය මුවින් 
කදුළු දිය නොකෙරුවට මා නෙතින් 
හඬනවා රෑ පුරා හොර හොරෙන් 

අඳින විට ලොකු ගවුම නුබ හෙමින්
මැවෙනවා නුඹ පාපු පෙම් රැගුම් මදහසින් 
නගින විට පඩිය දෙක හරි හෙමින්
පිරෙනවා ආදරේ නුඹ නමින් 



33 comments:

  1. මම කියපු එක ඇත්ත කියලා ඔන්න ඔප්පු උනා.
    තමන්ගෙ තාත්තට හදවතින්ම ආදරේ කරන තමන්ගෙ තාත්තාගෙ හැඟීම් තේරුම් ගත්ත දරුවෙක්ට හැරෙන්න වෙන කෙනෙක්ට මේ වගේ තාත්තා කෙනෙක්ගෙ හැඟීම් වචන වලට හරවන්න බෑ. ඒකත් මේ වගේ අපූරු පද පෙලකට හරවන්න ඒ දරුවා ඇත්තෙන්ම තමන්ගෙ තාත්තාව ගොඩක් තේරුම් අරන් ඉන්න ඕන.

    ගොඩාක් ස්තූතියි ඔමා. ඇත්තටම මේක තමා යථාර්තය ඔය කාලෙදි තාත්තෙක්ගෙ හැඟීම් තමා මෙතන තියෙන්නෙ.
    අපූරු පද පෙලට ආයෙත් පාරක් ස්තූතියි.
    :-) :-)

    ReplyDelete
    Replies
    1. ඔන්න මං කවදාහරි දුවට පෙන්නනවා කියපු පෝස්ට් වලට තවත් එකක් එකතු උනා.
      ආයෙත් පාරක් ස්තූතියි ඔමා

      Delete
    2. ඔහේ ලියාගෙන ගියා පෝස්ට් කළා ..ස්තුති මගේ උත්සාහය සාර්ථකයි

      Delete
  2. මාතෘකාව දැක්ක ගමන් මාව ගල් ගැහිලා ගියා! කවි ටික ඇත්තට ම හරිම ලස්සණ යි, අපූර්වී අක්කේ. ටික කාලෙකට කලින් මුදියා නොහෙත් සමියා මේ වගේ ම ලස්සණ කවි තුනක් ලියලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. මං හිතුවා එහෙම වෙයි කියලා ,,
      ස්තුති ධාරා .. මුදියා කියන්නේ මගේ සගයා එයා දක්ෂයෙක්

      Delete
  3. කියල වැඩක් නැහැ ...
    ඇත්තටම උපරිමයි...
    ඔයා දවස ගානේ ඔහොම සිතුවිලි ලියන්න....
    කියවන්නාට සිත කීරි ගැසෙන ලෙසට ලිවිම ඔබේ නම වගේම...
    අපූරුයි....!

    ReplyDelete
    Replies
    1. ස්තුති කෙන්ජි තුමණි .

      Delete
  4. සුභ පැතුම්!!!!!!!!!!!!!!!හදවතට දැනෙන්න ලියලා

    ReplyDelete
  5. හ්ම්ම් හොඳයි,ඔය ලියල තියෙන්නෙ රසට

    ReplyDelete
  6. අපූරුයි... කවදහරි දවසක ඔහොම අහගන්න ලෝබ හිතෙන තරමින්ම හදවතට දැනුනා.

    ReplyDelete
  7. ප්‍රියාගේ පෝස්ට් එකත් බැළුවා.. මාත් ලියලා තියෙනවා.. මම ආසයි දුවෙක් ලබන්න කියලා එකක්..

    ReplyDelete
    Replies
    1. මාත් ප්‍රාර්ථනා කරන්නම්කො ඒක ඉෂ්ට වෙන්න ,මං වගේ සුදු දුවෙක් හම්බෙන්න :)

      Delete
  8. සැබැවින්ම අපුරුයි.මමත් තාත්ත කෙනෙක්. (ආඩම්බරෙන් කියන්න්නෙ )

    ReplyDelete
  9. නුඹේ කුස තුල වැඩෙන්නේ ඔය අපේ ආදර බීජයයි
    නුඹේ සිරැරට බද්ධ වී මුත් මගේ රැධිරය එහි දුවයි
    අපේ ජීවිත පැතුම් හැම මේ උපත සමඟින් ඵල දරයි
    නුඹට ඇති මගේ ආදරය ඔය කුසත් සමඟින් වැඩී යයි.

    ReplyDelete
    Replies
    1. ෂා ලස්සනයි ඔයාගේ කවිය

      Delete
  10. ඔමාගේ තිඹිරිගෙයින් බිහිවූ හැබෑම කවිය.

    ReplyDelete
  11. තාත්තා කෙනෙකු ආදරය මුවින් පිට නොකරන්නේ ඒක වචන වලට පෙරලල නිම කරන්න බැරි නිසා වෙන්න ඇති..

    හරිම අපූරුයි ඔමා .....

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ තාත්තගේ ආදරේ මං දැක්කා ඒ නිසා මට ඒක දැනිලා තියෙනවා

      Delete
  12. මේ කවියේ අදහස නම් හරිම ලස්සනයි... ඒත් ඉතිං මම වැඩිය කැමති වැරදි හොයන්නනෙ... ආයෙත් නුඹ / නුබ වරද්දලා... දෙවෙනි කවියේ දෙවෙනි පදයේ මාත්‍රා ගණන වැඩියි. මදහසින් කියන වචනයම වැඩියි ඒ පදයට....

    ReplyDelete
    Replies
    1. ඔය කොටස මං වැඩිපුර එකතු කලේ දවස් දෙකකට විතර පස්සේ ,, මාත්‍රා ගැන මට අවබෝධයක් නැහැ තිසර කැමති ඉගෙනගෙන නිවැරදිව ලියන්න ,, ස්තුති මං කැමති ඔයා ඕවා කියනවට

      Delete
  13. හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා ...
    ලස්සනයි........දිගටම ලියන්න

    ReplyDelete
  14. රසබරය.. මුවහත්ය ඔබ ලියූ කව.. එන්නෙමි මතු දිනෙද...

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං