Thursday, 28 November 2013

17 මම

මම කවි ලියමි ..ෆේස් බුකියට නොයමි 
දිගටම ලියමි ...
පෝස්ට් එකක් දමමි 
කොමෙන්ට් කියවමි ,,
පිළිතුරු දෙමි ,,
බුකියට නොයමි ..
ගුගලයට යමි ,, කොමෙන්ට් කරමි 
මලක් කඩමි ,,
ටුවිටරයට යමි ..බලාසිට ආපසු එමි ..
කවි නොලියමි ,,
බරසාර පෝස්ට් එකක් ලියමි ,,, 
මම බුකියට බිසී වෙමි ...
ගුගලයේ චැට් කරමි ...
බුකියේ යාලුවෙක් දකිමි ..
ආපසු බුකියට යමි,,, 
ස්ටේටස් දමමි ,,,
බ්ලොගට බිසී වෙමි,,
හදිසියේ බුකියේ බ්ලොගක් දකිමි ,,
බ්ලොගට දුවමි...
දිගටම බ්ලොගේ ඉමි ,,
කවි බ්ලොගට බිසී වෙමි ..
ආපසු හදිසියේ බුකිය මතක් වී දුවමි 
බුකියේ වලියක් දමාගෙන 
බ්ලොගේට යමි ..
සයිබරයේ එහෙ මෙහෙ සැරිසරමින් 
කාළය කමි ...



37 comments:

  1. ඔහොම තමයි සැපට හැදුන දරුවො...
    හැමෝටම ඔහොම ඉන්න ලැබේවායි පතමි.....!!!

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ මං මේවා කරන්නේ job එක මුලට තියලා හොදේ

      Delete
  2. හනෙ හප්පේ සෑහෙන්න බිසී නොවැ.
    ඔය ඔක්කොම කරන අතරෙ තිඹිරිගෙයට ගොඩ වැදිලා පුංචි කවියක් ලස්සනට ගොතලා අපි එක්ක බෙදා ගන්නවා. (ඒකත් එකතු වෙන්න එපෑ.) :-)

    ReplyDelete
    Replies
    1. හි හි කවි බ්ලොගේ කීවේ තිඹිරිගෙට තමයි ප්‍රියෝ

      Delete
  3. ඒකනම් ඇත්ත මේකත් හරි ඇබ්බැහි වීමක් තමයි!! මටත් ඔය අපූර්වී අපූරැවට කියපු හැම ස්ථානයකටම මිනිත්තු පහෙන් පහට විතර යන්න ඕනේ. හැබැයි කාළය මරන්න නම් කියාපු බෙහෙත. ඊටත් වෙන ශරීරයට අහිතකර දෙයකට ඇබ්බැහි වෙනවට වඩා මේක ඇඟට ගුණයි කියලයි මට හිතෙන්නේ. ඕනැම දෙයක් 21 සැරයකට වඩා දිඟටම කරාම ඒක පුරැද්දක් වෙනවා... අපූර්වි නංගි ඉඩ ලැබුනොත් සඳුන් සෙවනටත් පිවිසෙන්න....

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ ,, මේක ඇර වෙන යාළුවො අපිට කොයින්ද .. එන්නම්කෝ ඔයාගේ ගෙදරටත්

      Delete
    2. ස්තුතියි නංගි! මම දැක්කා ඇවිත් ගිහිං තේ එකක්වත් නොබී....

      Delete
    3. ඔයාගේ පෝස්ට් එක කියෙවුවා කොමෙන්ට් කලන්නම් පස්සේ

      Delete
  4. අපි ඔක්කෝටම පිස්සු!

    ReplyDelete
    Replies
    1. ඒත් ගංජා ගහලා ,සිගරැට් බිබී යාළුවො එක්ක රස්තියාදු වෙනවට වඩා ඒක
      හොදනේ ,,අපි පිස්සෝ

      Delete
  5. බ්ලොගට ගුගලයට කෙසේ වෙතත් බුකියට නම් අම්බානක ඇබ්බැහි වී සිටිමි :/

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් මාත් ඉතින් පිස්සුවක් නටන තැන

      Delete
  6. මමත් මේ ටිකේ මෙහෙමලු

    ReplyDelete
    Replies
    1. හි හි ඇයි ස්ක්යිපේ :)

      Delete
  7. මටත් වෙලා තියෙන්නේ ඔයටිකමයි..

    ReplyDelete
    Replies
    1. හිතන්න එපා ඒක හොද ඇබ්බැහි වීමක්

      Delete
  8. චික් අපි රට ඉන්න කාළේ මේවා දැනන් උන්නේ නෑ නේ.. නොදෝකින්... ඉරිසියාවේ බෑ..

    ReplyDelete
    Replies
    1. හූඌ ඈ හොද වැඩේ අපිට කලින් ඉපදුනාට හොද වැඩේ

      Delete
  9. එහෙම නං හැමදාම වෙන්නේ මෙහෙම යි :) හොඳයි හොඳයි!

    ReplyDelete
  10. මාත් දවස තිස්සේම කරන්නේ ඔය ටිකමයි. :)

    ReplyDelete
  11. හී... මමනම් බුකියට දුවන්නේ ඔෆිස් එකේ ඉඳන් වොෂ් රූම් යද්දි. ෆෝන් එක ඔබ ඔබා ඇතුලට යනවා දකින උන් හිතනව ඇති මට පිස්සු කියල.

    ReplyDelete
    Replies
    1. හොදටම මදි ,,බුකියට ඊට වඩා කාලයක අවශ්‍යයි :)

      Delete
  12. මම බුකියට යන එක අඩුකලා.සතියට දෙපාරක් විතර යනවා.ඉඩ ලැබෙන හැම වෙලාවෙම බ්ලොග් කියවනවා.

    ReplyDelete
    Replies
    1. කාලකින් දැක්කේ ප්‍රසන්න

      Delete
  13. මේක බුකියෙත් දැක්කා.. අපෙත් ඉතින් මෙහෙමම තමයි..

    රස්සාව + මල් + බ්ලොග් = ජීවිතය

    ReplyDelete
    Replies
    1. ඒ මගේ බුකියේ තමයි අනේ

      Delete
    2. ඔයාගේ තමයි අනේ.. ලයික් එකකුත් දැම්මේ..

      Delete
  14. මමත් බුකියට රිංගනවා උදේ පාන්දරම..මොකද අපේ එවුන් ටික මොනව කරලද කියල එහෙම බලල.උපන් දින වලට එහෙම සුබ පතන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. හි හි මං වගේ තමයි

      Delete
  15. ඉස්සර අපේ ගෙවල් ලඟත් තිබුනා බුකියක්...ඒකනම් රේස් බුකියක්......ඒක ඇතුලට ගිහීල්ලා එන අයනම් එන්නේ ගොඩාක් දුරට හිස් අතින්...සත්තු දුවනවා....මිනිස්සු උන් පස්සෙන් දුවනවා.......

    ඔමා කියන බුකියේ....මිනිස්සු පස්සේ මිනිස්සු දුවනවා......

    ReplyDelete
    Replies
    1. ආපහු එන්නේ හිස් අතින්ද මන්දා!

      Delete
    2. ඔව්නේ ඩේටා ඉවර කරගෙන නේ එන්නේ ,,,,,,,,, :)

      Delete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං