Wednesday, 5 February 2014

12.බිඳුනත් නොමිදුණු කුළුදුල්ම හීනය

සමනලයෙක් මගේ මාවතට පිවිසුනා...
උගේ පැහැය මගේ ඇගිලිවල තැවරුවා,,,

මන් ඔහුට ආදරේ කලා..
ඒ ආදරේ මගේ හදවත පසාරු කලා...
ඔහු මගේ පැවැත්ම වෙනස් කලා..
මන් මගේ ඇගිලි ගින්දරට පිලිස්සුවා...
වැල්ලේ මාලිගාවක් මන් හැදුවේ....
ඔහු සුර කුමාරයෙක්,,
මගේ ප්‍රියයානනි......,
කදුලු බිදුවක් මගේ නෙතින් කඩා වැටුනා,,,
මගේ ආදරය... ඒකේ ගැබුර ඔයාට කවදාවත් තේරුනේ නැහැ.....
ඔයා ගැන මතකය මගේ හිතේ තවමත් නෑබුල්...
පාලු සොහොනක පිපෙන මල් කාටවත් වැඩක් නැහැ......
ඔයාට ඇති මගේ ආදරය කියාගන්න බැහැ,,,
මගේ සිහිනය බිදුනා..
ඔයා මගේ උරහිසේ හිස තබද්දී....
මගේ හදවත යකා නැටූ පිට්ටනියක් සේ..සී,,සී කඩ යනවා,,,
මිතුරෙක් විදියට ඔයා මගේ ජීවිතයට වෙනසක් ගෙනාවා,,,
මගේ ජීවිත රටාව වෙනස් කලා..
සුලගට කොල ඉරෙද්දී ගහකොලට සුලග එක්ක තරහා වෙන්න බැහැ,,
මට ඔයා එක්ක තරහා වෙන්න බැහැ,,,,
මහ ගොඩාක් ආදරෙ..යි මන් ඒකයි ඒ..........

22 comments:

  1. ආදරය කියන්නේ ඒකට ...
    හැමදේම ගලපලා ආදරේ කරන්න බැහැ.
    ඒක ආදරේ නෙවේ.
    ජීවිතේ එක පාරටම මොකක් හරි වෙනවා....
    ඒ තමයි ආදරේ..
    මෙහෙම ආදරයක්..
    අරහෙම ආදරයක් කියලා නෙවේ ආදරේ එන්නේ...
    ඒක එන විදිහ හරි පුදුමයි...
    පාළු පිට්ටනියක උනත් ,,,
    සුර මැදුරක උනත් වෙන්නේ ඒ ටිකමයි.....
    ඒකට ඉඩ දෙන්න....
    හැබැයි මගේ පැටියෝ ,,,,,,,
    අපි මේ පලු පිට්ටනියෙන් ඉවතට යමු...
    අපේම තැනකට...
    තවත් පාලු පිටියක් නොවන තැනකට..
    සුර පුරයක් ගැන හීන නොදකිමු ....!

    ReplyDelete
    Replies
    1. පිස්ෂු හැදෙනව සහන ...ඔය ඇවිල්ල ෂතේ ෂතේ එකතු කරල පෙම් විමන හදන්න යන එක නේ...

      Delete
    2. නැහැ නැහැ මේක ඇවිල්ලා වෙනස් සීන් එකක්.. රෙඩි මේඩ් පෙම් විමනක් මට තියෙනවා.. ඒකට කිරිල්ලියෙක් හොයන සීන් එකේ ෂොට් එකක් අද ෂූට් කරේ...

      කුරුල්ලා කෑ ගහනවා කිරිල්ලිට ඇහෙන්න.. ඒ සද්දෙට අහල පහළ කුරුල්ලොත් ඇවිත් වගේ නේද ... චිප් කුරුල්ලා අහකට ... :D

      Delete
    3. @sahan අපොයි සුරපුරයක් ගැන හීන දකින්නේ නැද්ද ඔයාලා ? හි හි එහෙනම් ඉතින් ඔයාට කෙල්ලෙක් සෙට් කරගන්න වෙන්නේ නැහැ ඉදගෙන ඔව් ...

      Delete
  2. ඔබ පතනා ඒ සොදුරු ආදරය......
    කුසුම් සුවදින් නහවමි ...මා ..සැමදා...!!

    ReplyDelete
    Replies
    1. ඔය ආදරණිය ප්‍රර්ථනා හැමදාමත් පරිස්සම් කරන්න ඕනේ අද විතරක් නෙමේ අන්න ඒකයි මං කියන්නේ ඉදගෙන :)

      Delete
  3. ලස්සන‍යි ඔමා. මොනවා කියන්නද හිතා ගන්න බෑ.
    "සුලගට ගහකොල ඉරුනට ගහ කොල සුලගත් සමග තරහ නෑ. ඒ වගේම සැබැ ආදරවන්තියටත් ආදරවන්තයත් එක්ක තරහා වෙන්න බෑ"
    ඒ ටික නම් හිතටම වැදුනා.

    ReplyDelete
    Replies
    1. thanks ප්‍රියෝ මගේ කුරුටු බුරුටු හැමදාම කියවන්න එනවට

      Delete
  4. ආදරය කියා දෙයක් ලොව නොපවතී ඇත්තේ ගනුදෙනු පමණි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඕක ඔය කටින් කියලා තියනවා මං අනන්ත දැකලා තියෙනවා ... කවදාහරි අනාගතේ මිනිස්සු කියයි

      ආදරය කියා දෙයක් ලොව නොපවතී ඇත්තේ ගනුදෙනු පමණි.
      -------------නලින් දිල්රුක්ෂ ------------

      Delete
  5. ඇත්තටම ආදරේ කලානම් කොහොමද තරහා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. @ දිනේශ්.....ආදරේ කරේ නැත්නම් කොහොමද බං තරහවෙන්නේ?

      Delete
  6. ලව් ඊස් අනියතං බූට් ඊස් නියතං. -_-

    ReplyDelete
  7. අඩේ අප්පා මේක දැන් නිකම් තොරණක් වගේ නෙව. කොහොමෙයි මේ වැඩ කෑලි දැම්මෙ? මටත් කියා දෙන්නකෝ....

    ReplyDelete
    Replies
    1. වැඩ කෑල්ල උඩ කොටන්ට ඔය හොටෙන් ඔක්කොම සැට් වෙයි ඉදගෙන ඔව්

      Delete
  8. අදම තමයි මේ පැත්තේ ආවෙ නම්...
    මිතුරෙක් තමන්ගේ ආදරේට උරැමකම් කියන එකනම් ඇත්තටම හුගාක් වටිනවා.හැබැයි අවාසනාවකට ඒ ආදරෙත් නැති වුනොත් මිතුරුකමත් නැති වෙනවා.
    ඒ වගේම ආදරේ කියන්නේ අනාගතේ ගැන හීන ගොඩක්. ඒවා හැබෑ වෙයිද නැද්ද කියන්න අපි කව්රැත් දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත හිමා ,, '////හැබැයි අවාසනාවකට ඒ ආදරෙත් නැති වුනොත් මිතුරුකමත් නැති වෙනවා./// මේක තමයි භයානකම

      Delete
  9. මෙ මක්කැයි වෙලා තියෙන්නෙ.??? :-o

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං