Saturday, 14 December 2013

කිරිදත 21.

අළුත් ගෙය තනන්නට ,,
කඩන විට මහගෙදර ...හමුවුණා
වැහිපීල්ලක ..දිරාගිය රොඩු අතර ,,,
නොදිරූ....මගේ අවසන් 
කිරිදත ,,,
කණ්නාඩියෙන් බල බලා ...
බිළිදු මා අඩන විට ,,
කතා කොට ලේනාට ...
කැකුළු දතක් ඉල්ලා ,,
විසිකරන්නැයි වහලයට ,,
තුරුල්ලට ගෙන මා ..
අම්මා කිවුහැටි ,,
යලිත් ඇසෙන්නට විය .
ඒ කිරි දත ,,සිබින විට ,,
අම්මා පෙවූ රන්  කිරිවල ,,
මතක සුවදින් ,,හදවතම තෙත් විය ,,,..

33 comments:

  1. ඒ කියන්නෙ ගේ කඩනකන්ම වහලෙ සුද්ද කරල නෑ :D

    ReplyDelete
    Replies
    1. හි හි නැහැ මං තාම තුතියි...

      Delete
    2. මන් කියන් නෑ ඉතින් :P

      Delete
    3. අයිය කියන්න එපා ආච්චියෙ මම පුතා :D

      Delete
  2. මේකත් ලොකු අර්ථයක් තියෙන පද ටිකක් ......... දැනට අවුරුදු ගාණකට කලින් මමයි තාත්තයි එයාලගේ මහ ගෙදර ගියා... එදා වෙච්චි දේවල් ටිකත් මේ වගේ ..... හරිම සංවේදී දෙයක් ............. ( අද්දැකීම් ඇත්තන්ට පමණයි ඕමා මේවා තේරෙන්නේ,, අනිත් මිනිස්සුන්ට නිකන් වචන විතරයි )

    ReplyDelete
  3. මේ සිතිවිල්ල මම තවත් බ්ලොග් එකක දැක්ක වගෙත් මතකයක් තියෙනව. හුම්ම්. ලස්සනයි අක්කේ

    ReplyDelete
    Replies
    1. නැහැ ඒ මගේම එකක වෙන්න ඕනේ ,,

      Delete
  4. "ලේනෝ ල්‍රේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ"

    ඇත්තටම සහන් කියන්නත් වගේ ලොකු කතාවක් පෙනවා ඔමා මේ පද ටිකෙ.

    අර උඩම තියෙන්නෙ ඒකාලෙ ඔයාගෙ පෙනුම වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. හී හී මේකටනම් මමත් අත් දෙකම උස්සලා මගේ ඡන්දෙ දුන්නා ඕං

      Delete
  5. ඇත්තටම හරි ලස්සනයි අක්කේ අපේ සුන්දර ළම කාලේ මතක් වෙනවා

    ReplyDelete
  6. ඔය කිරිදත් වැටිල්ල ගැන බස්සි ඩැඩා ලියූ සිංදුවකුත් තියේ.... ඒක ඩැඩාගෙ බ්ලොගේ දාන්නම්කො. හැබැයි ඒ අදහස නම් මීට වෙනස්.

    ලස්සන කවිය ඔමා....

    ReplyDelete
    Replies
    1. කෝ මට fb එකට ලින්ක් එක දාන්න ඕනේ ඈ.. තෑන්ක්ස් යශෝ

      Delete
  7. ඉතාමත්ම කෙටියෙන් නමුත් වදන් දහසකින් දැනෙන සංවේදීකමක් මතුකරලා. අපූරැයි!! ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මට අපුරි කියන්නේ හි හි

      Delete
  8. හරිම අපුරු නිර්මාණයක්.
    ඔබගේ නිර්මාණ අති විශිෂ්ටයි Miss ........
    ඒ වගේම පට්ට රසයි Miss ........

    ReplyDelete
    Replies
    1. kenji තුමණි වැඩිකල් මිස් කියන්න බැරිවෙයි හොදේ ... :D

      Delete
  9. ලස්සන නිර්මනෙ ඔමා.ඉස්සර අපිත් කතුරුමුරුන්ග මලක මැදට තියල වහලෙට විසිකලා මතකයි

    ReplyDelete
    Replies
    1. අනේ ඒ මොකක්ද මට කියාදෙන්න ,ඔයාගේ බ්ලොග් එකේ මට කොමෙන්ට් කරන්න බැහැනේ

      Delete
  10. අපූරු කවි පේලිය ... පුංචි කාලේ දතක් වැ‍ටුනහම ආපහු දතක් එනකන් අපි කොච්චර බලන් ඉන්නවද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මාත් එහෙමයි

      Delete
  11. මමත් ලේනුන්ට කිරිදත් විසිකරල තියෙනව.අනේ මම ඒ කාලෙ ඇත්තටම හිතුව ලේන තමයි අලුත් දත් ගෙන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. මාත් හිතවා පුමෝ හි හි

      Delete
  12. මමත් කිරිදත් සේරෝම ඔහොම විසික්කලා. :)

    ලේනා ඇවිත් අරන් යන්න ඇති නේද??? :D

    ReplyDelete
  13. මටනම් සැකයි අන්තිම කිරිදත වැටුනේ ලගදිද කියලා..

    ReplyDelete
  14. ඇක්චුවලින් ඒක තාම කටේ තියෙන්නේ මෙයා

    ReplyDelete
  15. වචන සරල වුනාට ෆීලින්ග් එක පට්ට..("ෆීලින්ග් එක පට්ට" කියන්නේ අලුත් පරම්පරාවේ වචන....නමුත් අදහස කියලා දැම්ම හැකි ලෙසට.)

    ReplyDelete
  16. මගේ පුංචි මිනිබිරිගේ පළමු කිරි දත වැටුනේ ඊයේ.එයාට මේ කවිය තේරුම් කර දෙන්න හිතුවත් ඒක එයාට තේරේවිද දන්නේ නැහැ.

    ReplyDelete
  17. මමත් මගෙ පලවෙනි කිරි දත අපේ අච්චිලගේ ගෙදර වහලෙට දැම්ම..එක පාරක් බිමටත් වැටුන දෙවෙනි පාර තමයි හරියටම වහලෙට වැටුනේ.

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං