Monday, 16 December 2013

ජීවිතෙයි පරිප්පුයි


දූවිල්ලක්,හුළඟක් නොවදින 
කවරේ ඇතුලේ.. .
ෆුඩ් සිටි රාක්කයේ 
අවුරුද්දක් හමාරක් ඔහේ තිබිච්ච ,,
සීතල වතුරෙන් හෝදලා පිරිමැදලා....
ඉමිරිහි පොල්කිරෙන් නහවලා....
රම්පෙ කරපිංචා යහමින් එකතුකරලා...
රසට උයාගත්ත පරිප්පු හොද්ද ...වගේ......
කෙලිදොලෙන් දඟල දඟලා...
ගෙවපු ජිවිතේට...
ඔයාගේ ආදරේ එකතුකරපු සුවඳ කොයිතරම්ද ....
ඔයා නැතුව දැන් මං ඉන්නේ කොහොමද ....
පරිප්පු ඉවුවොත් එදාම කන්න ...
නැත්තම් ෆ්‍රිජ් එකේ දාන්න...
ෆුඩ් සිටියේ කොච්චර කල් තිබ්බත්..
ඉවුවට පස්සේ ...
දවසින් නරක් වෙනවා ...
...

(හි හි හි.....)


11 comments:

  1. හී හී මෙන්න මෙයා හැමදාම කන පරිප්පු ගැන ලියලා....අක්කණ්ඩියේ චුට්ටන් මිසක් තියනවද කොහෙද මෙන්න මෙතන //අවුද්දක් හමාරක් ඔහේ තිබිච්ච// අවුද්දක් නෙමෙයි මන් හිතන්නේ අවුරුද්දක්

    ReplyDelete
  2. ඔයාව දැම්මොත් ෆ්‍රිජ් එකම නරක වෙන්න ඉඩ තියෙන නිසා වහාම වෙන ආදරයක් හොයාගන්න.....:P

    ReplyDelete
  3. ඔව් ඒක ඇත්ත නෙව. පරිප්පුවක්ම තමා ජීවිතේ..

    ReplyDelete
  4. ෆ්‍රිජ් එකේ දාලා ෆ්‍රිජ් එක ඕෆ් කරන්න.

    මෙහෙම උපදෙස් අපෙන් විතරයි හොදේ.

    ReplyDelete
  5. බැන්දට පස්සෙ ආදරෙත් දවසින් දවස නරක් වෙනවලු නේද..
    හැබැයි පරිප්පු වගේ එක දවසින් නෙමෙයි..

    ReplyDelete
  6. ෆ්‍රිජ් එකේ දදා කූල් කර කර කන්න එපා, කන්න බැරිනම් බල්ෙලක්ට හරි කන්න දාල හෙට අලුතෙන් උයාන් ඒමයි අපි කියන්නෙ :D

    ReplyDelete
  7. කොච්චර පරිප්පු කෑවත් ඉතින් එපා වෙන්නෙත් නෑනේ...

    ReplyDelete
  8. තෙම්පරාදුවක් දාමු .ටිකක් කල් අල්ලනව

    ReplyDelete
  9. //ඉමිරිහි පොල්කිරෙන්// මෙතන වැරදීමක් වෙලා ද ??
    මොනවා ඉව්වත් මගේ නම් කැමතිම කැමක් පරිප්පු

    ReplyDelete
  10. ඔය මොන පරිප්පුව ඉව්වත් ඔහොම තමයි. මිනිසුන් සහ ගැහැණුන්මනේ උයන්නේ.

    ඔමාගේ හීන බ්ලොග් එකේ පෝස්ට් එක නැත්තේ ඇයි?

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං