Saturday, 25 January 2014

යතාර්ථය

හැඩුවෙමි ඉකිගසා 
නුඹලා  නොදැක්කෝය..
වැලපුනෙමි...
ඇසුන මුත් නුබලා  නෑසුවෝය..
නැගිටිමින් සිටියෙමි 
නුඹලා හැරී නොබැලුවෝය...
අනේ මට වැරදුනා...
සිනාමුසුව නුඹලා ඇයි මං දිහාම බලාගෙන .......


42 comments:

  1. ඔබ හිනැහෙන විට
    ලෝකය ඔබ සමග සිනාසෙයි
    ඔබ වැලපෙන විට
    ලෝකය ඔබ අතහැර සිනාසෙයි (මහගම සේකර)

    ReplyDelete
  2. වැරදුනාම හිනාවෙන්න
    වැරදුනේ නැති විදියට අනිකාට ඉරිසියා හිතෙන්නට සිනාසෙන්න
    එවිට අනුන්ගේ ඉරිසියා වස්තුවක් බවට ඔබ පත්වේවි
    එවිට ඔබ සිනාසෙන විට අඩන උන් ඔබට ලේසියෙන්ම හමු වේවි..

    ReplyDelete
    Replies
    1. අමිල @ඔව් මං කොහොමහරි ඕක තමයි කරමින් ඉන්නේ ,,ගොඩක් ස්තුති අමිල and දිලිනියෝ මේවා දැනගෙන හිතේ තියන් ඉද්දි මොක ආවත් අපිට හිනාව මුනෙයි හිතෙයි තියන් ඉන්න පුළුවන් වෙයි

      Delete
  3. හැබෑටම ඒකට තමා හිනා යන්නේ.. ඔව් ඉදගෙන

    ReplyDelete
  4. වැරදුනා උඹට
    ඔව්...
    උන් දැක්ක
    උන් හිනාවුණා...
    ඒත් උඹ
    තවත් ඇඩුව
    උන්ට
    තව හිනා ගියා
    උඹට අමතක උණා
    කදුළු පිහිදන්න
    උඹ හිනා වෙනව දැකල
    උන්ව අඩවන්න

    ReplyDelete
  5. ඔය දේ තමා ඔමා යථාර්තය.
    මිනිසා සමග සිනා සීමත් මිනිසාට සිනා සීමත් වෙනසක් නොදකින අපෙ කාලෙ මිනිසුන්. :-(

    ReplyDelete
    Replies
    1. ඒක මාත් නිතර කියන දෙයක් අයියේ @ප්‍රියා

      Delete
  6. මොනවා කරන්නද ඉතිං. ඕක ඉතිං හැටිනේ අපේ එවුන්ගේ

    ReplyDelete
  7. Replies
    1. කෙන්ජිගේ ලෙඩේ බෝ වෙලා වගේ

      Delete
  8. මේක බොහෝ දරට ඇත්ත වෙන්න පුළුවන්.ඒත් හැමෝම මෙහෙම නෑ!

    ReplyDelete
    Replies
    1. හැමදේම එහෙමනේ වර්ෂා මිනිස්සු විවිදනේ

      Delete
  9. ලස්සනට ලියලා.

    ReplyDelete
  10. කාගෙන්වත් කිසිවක් බලා පොරොත්තු නොවී තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතා ගෙන වැඩ කලාම දුකක් නෑ. උදව්වක් ලැබුනොත් ඒක බෝනස් එකක්.
    ජය!!

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන් ජිවත් උනාම පහසුයි තමයි අයියේ

      Delete
  11. kauru hina unath akkiyo apita api waradda gaththu thana api hada ganna one athma wishwasayen.ethakota apita hina una aya hinawe arthaya wenas karala apita hina novi apith ekka hina vei..ehema neda akkiyo?

    ReplyDelete
    Replies
    1. ඔමාලි @ඔයාට සිංහල ටයිප් කරන්න උදව්වක් ඕනෙද

      Delete
  12. ලොව තමන් හිසට තම අතමය සෙවනැල්ල ....

    ReplyDelete
    Replies
    1. හෙවනල්ලත් ආලෝකය තියෙනාක්ල් විතරයි නාඩි මල්ලි

      Delete
  13. කවදහරි වැරදෙන්නම ඕන අපිට මේ තිත්ත ඇත්ත තේරුම් යන්න

    ReplyDelete
    Replies
    1. අන්න එදාට ඕමා අක්කා මතක් වෙයි එදාට උඩ පැනලා හයියෙන් කියන්න .....අරහෙම

      Delete
  14. සතුටෙදි හිනා නොවෙන අය ඉන්නෙ වැ‍රැද්දෙදි හිනා වෙන්න..

    ReplyDelete
  15. ඉස්සර කවුරු හරි කෙනෙක් වැටුනොත් මිනිස්සු පොරකනවා
    ඒ ඔහුව නැගිටුවන්ට
    අද කවුරුහරි වැටුනොත් මිනිස්සු පොරකනව
    ඒ ඔහුගෙ පොකැට්ටුවට විදින්ඩ

    ReplyDelete
    Replies
    1. වැව් ඉස්මත්ත @ ඒක තමයි අයියේ දියුණුව කියන්නේ

      Delete
  16. සමාජය දියුණුයි කිවුවට ආත්මාර්ථකාමිත්වය වැඩි වෙලා තියෙනවා. අදහස ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සැබෑ නිදහස @ ඔව් කුහකත්වය පිරිලා මිනිස්සුන්ගේ හිත්වල

      Delete
  17. අතමිට හිගවි බෙලසුන් වන දා සිනා සුනත් ඔබ වරදක් වේ

    ReplyDelete
    Replies
    1. දමිත් @ හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  18. හිනාවෙන අය හිනාවුන දෙන්...අහක බලන් ගමනේ යන්න.

    ReplyDelete
    Replies
    1. මේක ලියලා දැම්මට පස්සේ ලොකු සහලුවක් දැනුණා ඔයාලගේ කොමෙන්ට් දකිද්දී

      Delete
  19. ලෝකයාගේ හැටි ඔහොම තමයි බං..

    ReplyDelete
  20. ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිදාකාරයි කියන්නෙ නිකන්ද?

    ReplyDelete
  21. ලස්සනයි අපූර්වි,

    ලෝකයේ හැටි ඔහොම තමයි. අපිට වරදිනකල් විතරයි බලාගෙන ඉන්නේ. ඒත් හැම දෙනාම එහෙම නෑ. මනුස්සකම තියෙන බොහොමයක් දෙනා ලෝකයේ ඉන්නවා. අපි ඒකත් අමතක කරන්නට හොද නෑ.

    ReplyDelete
  22. ලස්සනයි අපූර්වි අක්කි. ඔයා ලියන කවි මම හරිම ආසාවෙන් කියවනවා. පුලුවන් නම් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා යන්න එන්න

    pabagedinapotha.blogspot.com/‎

    ReplyDelete
  23. ජීවිතේ වරදින තැන් නම් අනන්තයි.වැරදුන අපිට හිනාවෙන අය අප්‍රමානයි.අපි ඒ හැම කෙනෙක්ටම මයිත්‍රී කරමු.....

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං