Tuesday, 11 February 2014

කුකුළාට පාඩමක්



තා:මං ආවේ බිත්තරයෙන් 
     බිත්තරයෙන් බිත්තරයෙන් ....
කු :මමත් ආවේ බිත්තරයෙන් 

      ලෝකේ බලන්න .....

තා:මට ලැබුණා පණු පැටියෙක් 

      කොට කොට ඉන්න..
කු :මටත් ලැබුණා පණු පැටියෙක් 

     කොට කොට ඉන්න...

තා :මං යනවා පීනන්නට 

      ලෝකේ බලන්න ..
කු :මාත් යනවා පීනන්නට 

     ලෝකේ බලන්න ...

කු :අනේ මාව බේර් ගන්න .

     බේර ගන්න ..බේර ගන්න..
    අනේ මාව බේරගන්න 

    ගිලෙන්න යනවෝ.

තා: බොට බැරි වැඩ 
        නොකර ඉදින් කුකුල් යාළුවේ
       ලැබෙන දෙයක් කාලා ඉදින් 
        උබේ පාඩුවේ 

කුඩා කාලයේ මතකයක් දැන් කාලයට ගැලපුවා තාලයට කියවන්න 

23 comments:

  1. ලංකාවේ ගොඩක් රාජ්‍ය ආයතන වල ඉන්නේ මේ වගේ තමන්ට බැරි වැඩ කරන්න යන කුකුල්ලු. හැබැයි බෙරගනියෝ කියලා කෑ ගහද්දි කරදරේ වැටෙන්නේ එයාලගෙම පවුලේ උදවිය...
    හැබැයි ඉතිං රාජ්‍ය ආයතන කියල විශේෂයෙන් කිව්වට කොතනත් එකයි.

    ReplyDelete
    Replies
    1. තිලිණ @ඔයාගේ අදහස් ගැලපීම අගෙයි ,, අර බේරගන්න ඉන්න උදවිය පව් ..

      Delete
  2. ඔයාටත් මතක් වෙන දේවල්... :)

    ReplyDelete
  3. උඹගේ මේ කවි සරලයි බොහොම රහයි.. ඒ වගේම දරුණු කනේ පාරවල්.. ඒකයි වඩා වටින්නේ.. ඉඳගෙන..

    ReplyDelete
    Replies
    1. චි චි එහෙම කියන්න එපා ඉදගෙන,, හුලතලේට කම්මුල මේම මේම අතගාලා බලලා ,,දෙන්නේ ඉදගෙන

      Delete
  4. හෙක් හෙක් මරු මරු :D

    ReplyDelete
    Replies
    1. දේශගෙන් අහලද උබ දැන් ඔය හිනාව දැම්මේ මෙතන

      Delete
  5. එන්ඩ එපා මට කුකුලා කියන්න අරී....මල පනිනවා අරී ...

    ReplyDelete
    Replies
    1. අන් තියෙන සත්තු දාපුවම හරි නැති නිසා අනේ කුකුලා දැම්මේ ඉදගෙන

      Delete
  6. බැරි වැඩ නොකරන් අඹරෝ කිවුවලු :-D

    ReplyDelete
  7. බැරි වැඩ කරන්න යන බොරුවම රජ කරන උන්ට ඉදල හිටල හරි කෙලවෙන්න ඕන... නැත්තං ලෝකෙ බැලන්ස් වෙන්නෙ නෑ

    ReplyDelete
  8. මමත් තේරුම් ගත්ත දෙයක් තමයි අදහස් ප්‍රකාශනයේදී වැදගත්ම දේ තමයි සරල බව,අනෙක චරිත පහසුවෙන් හොයා ගත හැකි ඒවා වීම.මේ කවි ඉක්මනට කට පාඩනුත් වෙනවා.ඒක හිතල කරන දෙයක් නොවෙයි.දන්නෙ නැතිවම කටපාඩම් වෙලා හෙහෙ හෙහෙ

    ReplyDelete
  9. නියම උපහාස කවි සංකල්පනයක්

    ReplyDelete
  10. කුකුල්ලු ඔහොම තමයි,පුළුවන් එකටයි බැරි එකටයි හොට දාන්න යනව ඉඳගෙන

    ReplyDelete
  11. හැමෝටම බැහැ මෙහෙම ටොකු අණින්න.

    ReplyDelete
  12. ලංකාවේම කුකුලෙක්...

    ReplyDelete
  13. koi ayathanayeth eka kukulek ho ranchuwak arak aragena innawa nowa indagena...

    ReplyDelete
  14. ගොඩක් අය ඉතින් බැරි වැඩ කරන්නමනේ යන්නේ..

    ReplyDelete
  15. මට බැරි වැඩ
    නොකර ඉදිමි මගේ යාළුවේ
    ලැබෙන දෙයක් කාලා ඉදිමි
    මගේ පාඩුවේ....

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං