Thursday, 6 February 2014

හාවයි ඉබ්බයි

හා පැටියෝ හා පැටියෝ මොකද අඩන්නේ ..
ඉබිපැටියට වගේ ගෙයක් ඇයි ඉල්ලන්නේ ..
බලපන් පොඩි ඉබිපැටියා නැහැනේ අඩන්නේ 
නුබ වාගේ හයිහත්තිය නැහැ ඉල්ලන්නේ ...


වැටට උඩින් පැනලා ගිහින් දළු කොළ කන්න 
කකුල් වලින් හිටගෙන වටපිට ඇහැලන්න
හතුරන්ගෙන් බේරෙන්නට හැල්මේ දුවන්න 
ඉබි පැටියට වෙර නැතිබව සිහිකරගන්න 
------------------------------------------------------------------------------------------------
ඔයත් හා පැටියා වගේද ? චුට්ටක් හිතන්න 

55 comments:

  1. පලවෙනි කවියේ "ඌ " අයින් කරන්න නැත්තම් මාත්‍රාවක් වැඩියි.

    ReplyDelete
    Replies
    1. කළා අයියේ ස්තුති

      Delete
  2. කදිම අදහසක් නොවැ.....

    ReplyDelete
  3. හැබැයි ඉබ්බාට වඩා ගෙම්බා හොඳයි...

    ReplyDelete
    Replies
    1. උඹ කාටද බන් හැමදාම ගෙම්බා කියන්නේ... :) ?

      Delete
    2. කවුද ඉවාන් ගෙම්බි?
      අර දෙවනි නම ඒකද මන්දා. හි… හි… :-D

      Delete
    3. දෙවෙනි නම මන් උබට මැසේජ් කරන්නම් ප්‍රියෝ :D

      Delete
  4. හ්ම්ම්ම්....සිතල අහවර වුනාමවත් සත්තු නැතිව වෙන දේවල් ගැන හිතයි....

    ReplyDelete
    Replies
    1. එවුවා කියන්න බැහැ

      Delete
  5. මං දන්නව පළාත් සභා ජන්දෙ ගැන නේද කවිය ලියල තියෙන්නෙ.

    ReplyDelete
  6. හා පැටියෙක් වෙන්න කැමතියි.
    හැබැයි මේකේ ඉන්න හා පැටියා වගේ නම් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ලගදිත් කවුද හාවා කලානේ ඉදගෙන :D

      Delete
  7. වෙන කෙනෙක් දිහා බලාගෙන එයාට තියෙන තමන්ට නැති දේවල් ඉල්ල ඉල්ලා දුක් වෙන ඊරිසියාකාරයෝ වගේම තමන්ට තියෙන අනුන්ට නැති දේවල් එවුන්ට පෙන්න පෙන්නා උඩඟු වෙන මාන්නක්කාරයොත් මේ ලෝකේ කුණුගොඩක් කරන්න ඉතාම හොඳින් දායක වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගයාන් @ මං අදහස් කල දේ ඔයා තේරුම් අරන් තියෙනවා , ස්තුති

      Delete
  8. ඕන් ඔහොමයි උත්තර දෙන්න ඕනා.. උන්ට පුළුවන්ද මේවා ලියන්න..

    ReplyDelete
    Replies
    1. අනි කසෆ්ති අතා මෙවීනා.. නඛෝන් ? තොදා රබා මමී

      Delete
  9. හාවෝ අඬනු මෑතක සිට නිතර නිතර ඇසෙයි. අපූරිගෙ අපූරු කවි.

    ReplyDelete
  10. ඉබි පැටියෙක්නම් හාවිට කරේ තියං වුනත් යතෑකි නෙව.

    ReplyDelete
  11. මිරිවැඩි සඟළක් ඉල්ලා හැඬුවෙමි... මතක් වුණා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ආ සින්දුව නේද

      Delete
  12. ලස්සන පද ගැලපුමක්. නියමයි.

    ReplyDelete
  13. ලස්සන පද්‍ය පන්තියක් :)

    ReplyDelete
    Replies
    1. පන්තියක් කියන්න එපා මෙයා ,, ක්ලාස් එකක් කියන්න ඉදගෙන

      Delete
  14. හොද අදහසක්.... දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න , ටන්කු අයියේ

      Delete
  15. බොටත් හිතෙන දේවල්....යසයි නගේ

    ReplyDelete
  16. හදිස්සියෙම මොකද මන්දා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් @ දනන්වනේ මට පොඩි ෂෝර්ට් සර්කිට් මෙවුවා එකක් හිටපු ගමන් මෙවුවා වෙනවා ඉදගෙන :)

      Delete
  17. ඉබ්බට කටුවක් තිබුන හාවට නෑ කියලවත් හාවට වගෙ ජවය ඉබ්බට නෑ කියලවත් දෙන්නටම කරදරයක් වෙලා නැහැනෙ.දෙන්නම සතුටින් ඉන්න බවයි පේන්නෙ

    ReplyDelete
    Replies
    1. කටුව අස්සෙ හැංගිලා බයෙන් ඉන්න ඉබ්බා වගේද යකෝ හාවා.... :P

      Delete
    2. යක්කු කැලේ බොල අප්පේ බස්සි බැහැල නොවැ ,,

      යකා..අපිට පේන විදියනේ යකා ඒ

      Delete
  18. හාවගෙයි ඉබ්බගෙයි කතාව වෙනස් වෙයිද.....හි හි

    ReplyDelete
    Replies
    1. අපි කතා කණපිට හරෝනවා මල්ලි

      Delete
  19. හාවාගෙ ජාන වෙනස් කරමු :D කටුවක් එක්ක.

    ReplyDelete
    Replies
    1. තඹරු ,, හොදට හිටී :)

      Delete
  20. තමන්ට තියෙන දේ නැතිව නැති දේම ඉල්ලල අඩන එකෙක්ට පෙන්නුව නං මේක කියවල වත් හැදෙන්න...
    අගෙයි අක්කෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ් @ එහෙම එකෙක්ට ලිවේ බලමු හැදෙයිද කියලා ස්තුති මල්ලි

      Delete
  21. Replies
    1. thanks තුෂ් ,,, ඒකනේ අක්කාට අම්මා අපුරි කියලා නම දැම්මේ ඉදගෙන :)

      Delete
  22. හරි ලස්සනයි ඔමා!!!

    ඒ අස්සේ මට අප්පුහාමි කියලා පරණ හිතවතෙක් මතක් වුනා. ඒ යකාට මේ දෙගොල්ලන්වම පෙන්නන්න බැහැ. වඩාගෙන ගෙදර අරන් එනවා දුවලා පැනලා මහන්සි වෙයි කියලා :D

    ReplyDelete
    Replies
    1. //වඩාගෙන ගෙදර අරන් එනවා දුවලා පැනලා මහන්සි වෙයි කියලා// :D :D :D

      Delete
    2. හි හි ,, මේ මේ එවලින් වැඩක් නැහැ වැලන්ටයින් ලගයි හොදේ ,, දැන් අරවා හදලා ඉවරද අරූ අයියේ :)

      Delete
    3. තාම නැහැ අප්පුහාමි තාම කට්ට ගලවන්න ට්‍රයි කරනවා :D

      අරවා කිව්වේ ආප්පුහාමි වඩාගෙන ආපු එව්වානේ :D

      Delete
    4. නැහැ , වැලන්ටයින් ගිෆ්ට් බොක්ස් එකක් ,, :(

      Delete
  23. පොසිටිව් තින්කින්ග් වල නම් කියන්නෙ ලද දෙයින් සතුටුවෙනව කියන්නෙ දියුනු වෙන්නෙ නැ කියල

    ReplyDelete
  24. මේකයි ඉබ්බාට කට්ටක් තියනව හාවට නැහැනේ

    ReplyDelete
  25. ෂෝට් ඇන්ඩ් ස්වීට්....සරලයි..කෙටියි...හිතන්න දෙයක්..

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං