Thursday, 6 March 2014

දේශක තුමාගේ ෆේස්බුක් කවිය

සිත ගැහෙයි
අනෝරා වැස්ස දුටු විට
ගත වෙහෙසයි
රාජකාරියේ තරමට
මගේ හිත
නොනැවතී හඩද්දී.
යකඩ හිත
මට වඩා අඩනවා
නොනැවතී මහ හඩින්
මං දුන්න ඒ දුකට..
(බස් ඩැයිවර් මලයාගේ කයිය)




අපු :
නුබේ හද උණු නොවුණු එදා ඒ රෑ පැයේ
කදුළු මා හැලුවානම් යකඩ කද අබිමුවේ
උණු වෙලා ගලනු ඇත අනෝරා වැස්සක්ව
මහද බිම සනසවා

දේශා :
කදුළු කැට හංගාන මං හිටියේ ඉවසාන
උඹ ඇවිත් සන් කරත් කළුවරට මුහු වීද
සිත මගේ ගල් නොවේ කෝම හිතුවත් නුඹද
කදුළු මං හැලුවනං සත්තමයි ආදරේ දිය වෙනවමයි

අපු:
එදා නුබ නොහගවා උන්නා නම් පෙර ලෙසට
දැකගන්න තිබුණා මගේ අහිංසක හීන හීන ටික
පතුල් හද කකියවා මගේ හද බිද දමා
අනේ මා හරදමා නුබ දුරක නොගියානම්

දේශා:
සඳ තියෙන මහ රෑක..
තරු එළිය යටට වී..
අපි උන්න ඒ දවස..
නොම යාවි අමතකව



අපු"
සඳට නැත තනිකමක්...තරුපන්ති ඇත හුඟක්
මට කොයිද පිරිවරක් ...තනිය මා වටකරන්
ඇයට නැත කළුවරක්...හිරුඑළිය දෙයි හුඟක්
කොහෙන් මට පුරහඳක්..නුබ මගෙන් දුර ගිහින්

දේශා:
තණ පත් ද අවුලුවා..
බොරළු කැට විසිරුවා
මා යනෙන් ගමන් මග
නිතර නුඹ රැදේවා..


අපු :
රැදෙන්නට නුබ ළගම ,,,
ගෙවන්නට ජීවිතය
නුබේ හුස්ම ගැහෙන තැන..
ආසාය යලිත් මට එතෙන්නට ඔය පහසේ ..


දේශා:
ආදරේ දෙහදකට.. උපරිමයි මා සිතුවේ
තෙවැන්නෙක් පැමිණ බිද දමයි මා සිහින
ආරදේ පාට ගෙන සරසවා නුඹ හැඩට
සතර වැන්නෙක් පැමිණි කරයි මා විපරීත


අපු:
තෙවැන්නෙක් ආවාවේ ,,
බය නොවී පබඳින්න මා නමින් ආලදම් ...
කොපුව දී කෙන්ජියට
ඔබට දෙමි කඩුව මම


දේශා:
සිහින අතරෙක රැදී
සියපතක තුහින වී
සතුට පිරිමැදි විටක
අසිපතම මට දේනන


අපු:
මනමේ නොවේ කුමරුණි මම කූවන්නා
හදුනමි නුබේ සුවද හොදහැටි හිත දෝවන්නා
ගියහොත් අන්ලදක් වෙත නොම වාවන්නා
හිස නුබේ සිඳිමි මම මහා කාලි අම්මා

දේශා:
ඉවසන්න බෑ සොයුර.
ඇඩෙනවා මට දැන්ම
ආදරේ බව නොදැන
ලං වුනේ යකිනියද


අපු :
කොතරම් පෙම් කලත් දැන් නම් පලක් නැත 
කාළය එළඹ ඇත නුබගෙන් දුරක් යන
යකිනිය වුවත් ආදරයෙන් සතප්වන
ආලය කෙරුවේ හේනේ උන් පඹයෙකුට


දේශා:
පිහිටුවා නියම ගණ - කී විටදි නිබද කව
මියුතෙපුල් වදනක්ව - කන් කළුයි සියොගලම
ආදරේ නොවනවත්- එපා නෑවිත් ඉන්න
කවි කියා සැනසෙමුකෝ - ඉන්න ටික හොද වෙන්න


අපු :
ආදරේ පාට හත - සදාකල් මතයක
තැවරුව නුඹේ හිත - නොම යාවි අමතකව
සදා ඔබ සුපෙම්වත - බැබලේවි පුරහඳව
පරදවා දුෂ්ට සිත - හිඳිමු දෑඟිලි එක්ව

ඒ වගේ ආදරෙන් අමතන්න මා නිබද
රදෙන්නම් දිවිපුරා නුඹ ලගම මගේ සබද
දුකහිතෙන කතාවල් බිද දමා මා ළගම
ඉදිනම් මියෙන්නම් නුබේ පාද පාමුලම


දේශා:
මහ මගදි හිත දවා අත පෑව එකම විට
අන්ධ විය මා සිතම නොදැන ඒ සුව දැහැන
හැකී වීද දිනන්ට ආදරේ කිසි දාක
මට තිබුනේ ඉගිලෙන්න සැර දමා මහ මගම

අපු:
මුලා වූ බවත් දැන දැනම
රැදුණු මට ගසනු මැන
පදම් වුණු මඩුවලීගයක් ගෙන
හැකිය මට සැනසෙන්න නුබෙන් තොර ලෝකයක


දේශා :
පෙම් සටන් පරදී
කුවන්නා ඇලලී
මා වෙතින් ඉගිල්ලි
යයි වෙනතම එල්ලී


අපු :
පවුකාර මගේ හිත ඔහේ මොරගහපුදෙන් ,,,,,,,
මට නුඹව අහිමි ලොව වල් වැදී ගියපුදෙන් ,,,,,,
හීන පොදි මා වටේ කවටකම් කරපුදෙන් ,,,,,,,,
රත්තරන් මං මෙහෙම හුදෙකලා වෙච්චදෙන් ,,

දේශා:
නුඹේ ලොව මං නොවෙයි
ඒ ලොවට මං දුරයි
නුඹ යනෙන වනයකද
මං ළගයි හිතාපන්



ඉවාන් පවුලුෂා
දැන් එතකොට ලව ඉවරද
කට්ට කෑවේ අපි විතරද
තල වේලේ තෙලට මොකද
මී බෙට්ටක් කුමට වෙත්ද



අපු:
රිදවන්නේ ඇයි මෙලෙස ආදරේ හන්ගාන ...
ඉකිගහන හදවතට නුබේ කදුළු හිර කරන්,,,
එකවරක් පවසන්න ආදරෙන් අමතන්න
වෙන කිසිත් ඕනේ නැහැ ආදරෙයි අගවන්න


දේශා :
දිවිය මගේ ඇති තුරා නොහැක එය සගවන්න
මිනි කැටක් වන් නුඹට බැරිය මට දුක් දෙන්න
නිම නොවන දිවි අරුත නොසගවා ලැබ ගන්න
ආදරය කොයි වෙතත් අපි අපේමයි වන්න



අපු:
නුබෙන් තොර ලෝකයක කිරුළු මට පළදින්න
කොහොම නුබ කීවාද හිතන්නට බැහැ තාම ,,
නුබේ දෙතොල් වල පහස හැර වෙනත් රසයකට
නතුවෙන්න නොහැක මට සංසාරේ පුරාවට

ඉවාන් :
ආදරය නෙල්ලියකි
කනවිටම ඇඹුල් වෙති
පසුව දිය බොන විටදී
සප්ත රැසක් දැනෙති

ඒ නිසා මචන් ලා
ලවෙන් දිවි ගෙවල්ලා
දුෂ්ටයා ඇවිල්ලා
හිටියොතින් නෙලල්ලා

දේශා:
පමා වී වුවද කාලයක් එළඹුනා
දුෂ්ට කං කරපු අය විහින් චුත වී ගියා
අපි අපේ ලොවක හෙට නොනිම් ලෙස සැරි සරා
දුස්ටයා පැමිණී විට හත් පලට පලන්නා


අපු:
අපි අපේ වී තිබේ - බොහෝ කාලයට පෙර
ඒ වුනත් දුක දැනේ - මහාමෙර  මෙන්ය බර
හිත හදා ගන්න හැක - නුඹ සිටීනම් නිතර
දුෂ්ටයන් ආවදෙන් - මා නුබේ දෑතතර


දේශා:
කොයි තරං කරන් නුඹ - මට ආදරේ
ඒ ලෙසම මා කරයි - බොට ආදරේ
ඉවසන්න බෑ තවත් - මගේ ආදරේ

කට වේලෙයි දිව නොතෙමයි දැන් මාගේ
ඇස නොගැසෙයි ගල් වී ඇත ඇසි පිය මාගේ
කබ බේරෙයි බට වේලෙයි පැය ගානේ
කන්නේ නැතෙයි බඩ කොදුරයි මට මාගේ


අපු:
ආදරේ පිවිතුරුයි - හිමාලය මෙන් උසයි
සිත මගේ පිවිතුරුයි - පෑදී දිය මෙන් පෙනෙයි
ඔබ මගේ වෙනවමයි - ආදරේ බර දැනෙයි
දිවිපුරා ඔබ මගෙයි - සත්තමයි සත්තමයි


මේ කවි හැම එකක්ම අපි විනාඩි කීපයක් ඇතුලත නිකමට ලියපුවා...fb පෝස්ට් එකක කොමෙන්ට් විදියට,, අකුරක්වත් හැදුවේ නැහැ.fb පෝස්ට් එක්ක පහලට යන එක අපරාදේ නිසා බ්ලොග් එකේ දාන්න හිතුණේ..පුදුම වින්දනයක් අපි කට්ටිය ලැබුවා 
kenji , ඉවාන් ඒ අතර අපිත් එක්ක හිටියා.. 

54 comments:

  1. ඇත්තටම වටිනව ...
    හොද නිර්මාණ..
    සියල්ලන්ම යක්ෂයෝ මෙන් දක්ෂයෝය...

    ReplyDelete
  2. ඇත්තටම කවි නිර්මාණ වලට මාතලන්,ඉවාන්,දේශා,අටම,සදුන් සෙවන ඉතාමත් දක්ෂයෝය.
    ඔමාය,තරු,කුමාරිහාමි ගෙ වලව්ව කෙල්ලො අතර ඉදිරියෙන්ම ඉන්නවාය.
    ඒ අතර ඕමා එක දෙයකට සිමා නොවී විවධ කෝණ දෙසට අපව යොමු කිරීම ඔබේ නමටම සරිලන සේ අපූරුය .
    මගේ ප්‍රාර්ථනාව මීලග සහකාරිය ඔබ වැනි යුවතියක් සරණපාවා ගැනීමයි...!
    ඔබ සැමට ජය...!

    ReplyDelete
    Replies
    1. දේශා මෙන්නෝ ....ඉක්මනට වරෝ ...

      Delete
    2. අජෝව් කව්ද මගේ ලව හබක් කරන්නේ පෙර කළ සිටි ඒ දුෂ්ඨයාමද??/

      Delete
    3. කෙල්ලන්ගෙ නම් ගොඩට අපේ බස්සිගේ නමත් එන්න ඕන.
      sorry බස්සි...

      Delete
    4. අනේ දේශා මං කාගේවත් ලව් වලට හබක් කොරන පොරක් නෙමේ බොකු...

      Delete
    5. @kenji
      තැන්කිවු ඈ....

      Delete
  3. හෙහ් හෙහ් හෙහ් මේක ආතල් වැඩේ

    ReplyDelete
  4. ඉද හිට කවියක් කීවත් ඒක පත්තරේ යනවා නේ.. හැක්.. නියමයි ඔමා... ඉවානය නියමයි හිටිවන කවි වලට. රස බේරෙනවා

    ReplyDelete
    Replies
    1. දේශාගෙ මේ කමෙන්ට් එකට මම ලයික්. කවුරු හරි මගෙ ලයික් එක ලයික් කරන්නලා.

      Delete
    2. මේකේ නියම රසය තියෙන්නේ කොමෙන්ට් සේරම එක්ක

      Delete
  5. මේ සිද්ධියනම් නියමයි .....

    ReplyDelete
    Replies
    1. කවි ලිව්වට කමක් නෑ රෝයල්ටිය දීපං ඉවාන් මල්ලි හරිද .

      Delete
  6. සික්.. කවි මඩුවක් කියල කලින් කිව්ව නම් මාත් එනවා කයිය පබදින්න..

    ReplyDelete
    Replies
    1. එක්ස පයර් වෙච්චි කයි පට්ටං ඇති අය ගන්නෑ කෝමත්.. හැක්

      Delete
  7. නියම කවි ටික. ගොඩක්ම වැදගත් දේ ඉතාම සරල භාෂාවෙන් ඉතා ඉක්මනින් ගෙතූ රසවත් කවි ගොන්නක් වීමයි.

    විශේෂ නිවේදනය ~ මඟියයි සසිඳුයි අච්චර අමාරුවෙන වෙහෙසිලා නමක් දාලා තියෙත්දි ඔමා මාතෘකාවට 'දේශක ටුමා' කියා දැමීම තරයේ හෙළා දකිමි.

    ReplyDelete
    Replies
    1. පෙම් කරන විට ඕවා අමතකයි ප්‍රියා.. හැක්

      Delete
    2. අප්පේ මෙයාලා හිටියනම් ඉවරයි එතන

      Delete
  8. හරිම ශෝක් ... නියමයි ..

    ReplyDelete
  9. නියම කවි කාරයෝ ටිකක්නේ.. ඇයි මේ දක්ෂකම් හංගාගෙන ඉන්නේ? තව තව ලියමු... සැමටම ජය!!

    ReplyDelete
  10. නියම කවි කාරයෝ ටිකක්නේ.. ඇයි මේ දක්ෂකම් හංගාගෙන ඉන්නේ? තව තව ලියමු... සැමටම ජය!!

    ReplyDelete
    Replies
    1. ලියමු දවසක ඔක්කොමලා

      Delete
  11. හරි අගෙයි කවිකම්
    හිටිවන ගොතපු ගෙත්තම්
    එන්න බැරිවුන එකනම්
    ඉවස ගන්නට බෑ දුකයි බං

    දේශගෙ ආලය වෑහෙයි - මුතු වැලකිය පද පේලිය
    ඔමාගෙ පිලිතුරු සාරයි - ඉඳගෙන ගෙතු කවි සේලය
    ගෙඹිලූශා පැන පැන එයි - ගයමින් බක බක තාලය
    තුන්කට්ටුවෙ රසමුසුවයි - කවියට බැන්දේ ආලය

    ReplyDelete
    Replies
    1. ආවනම් බස්සි
      උස නැති නිසා ඉස්සි ඉස්සී
      අල්ලගෙන පිස්සී
      වීසි කරනවා ගඟට බස්සී

      Delete
    2. බකබක නදින්නේ
      …ගෙඹිලූශ පොර ටෝක දෙන්නේ
      ගඟේ ගෙම්බන්නේ
      බස්සි ඇවිදින් කොටල යන්නේ

      Delete
    3. කොටලා යන්න කොට බස්සිට
      කොහෙද එහෙම ගට පිස්සිට
      ආවොතින් මේ පැත්තට
      හවසට ගමි කටගැස්මට

      Delete
    4. කොටල ගිහින් මදි බන් බොට
      හිටු එන්නම් සයිට් එකට
      ගෙම්බ අරන් නිය පහුරට
      අත අරිනව බේරෙ වැවට

      Delete
    5. බස්සො කියද්දී ...හ්ම්ම්ම්
      ගෙම්බෝ ගයන්නේ ..බක බක
      දෙපිල බෙදෙද්දී කවියට
      අපි හිනැහෙන්නේ හරියට

      Delete
    6. ගජමන් නෝනලා දෙදෙනකි
      කවියෙන්ම වලියට එයි සකි
      ඒත් බක බකම සද්දේ පමණකි
      වගේ නෑ නේද මගේ රුවන් වැකි

      එකියක් ගෙම්බියෙකි නම වෙයි අපූරී
      අනිකා බස්සියෙකි අඩි තුන උසක් නැති
      තව කිඹුලියක් අඬනවා කඳුළු පෙරී පෙරී
      අහුවුනොතින් අම්මප මට ලොවෙත් නැති

      Delete
    7. ගූගල් පරිවර්තනයේ
      ගෙඹිලූශා කියවනුයේ
      හෙළ කවි පද පෙරලනුයේ
      බකබකයට හරවනුයේ

      අපූරි කගපතින් කවි පද කොටන්නේ
      ශානු දුටුවිටදි ගෙම්බා පැනයන්නේ
      බස්සිගෙ කවි දැකල ඉවසුම් නෑ දෙන්නේ
      පවු නෙව ගෙඹිලූශ කවියෙන් අඬන්නේ

      Delete
    8. කෝ මේ කුවේණී යක්ෂනියොත් බයය
      බස්සි රෝස පාටයි කිඹුලීය බලිය
      කෙල්ලොම තුන්දෙනෙක් ගේමට සෙට්වීය
      මරණ තුනක් මැද මම පැනි කෑවෙම්ය

      කවියෙන් ඇඬුවේ නෑ වටේට මම වැනුවේ
      බස්සීට කවුද බය කුරුමිනියොත් කීවේ
      කජු ගස් නැගලා අතපය කැඩූනයි කීවේ
      අපුරියි බස්සිටයි දෙන්නාටම නෙළුවේ

      Delete
  12. අඩේ මම දැක්කේ නෑනේ බං මේක.. නැත්නම් එන්න තිබුනනේ කයියක් කියලා යන්න..

    ReplyDelete
    Replies
    1. උදේ වරුවක බන් ,,සීයා ආගම කියෝන අතර අපිටික නිකමට ලිවේ බන්

      Delete
  13. අඩේ මෙන්න හිටිවන කයි කාරයො ටිකක්... දාමුද අපි කයි මඩුවක්.....

    ReplyDelete
    Replies
    1. සිරාවට ඔමයියෝ. අපි බ්ලොගියක එහෙම එකක් කරමුද? (හැබැයි නිවාඩු දවසක හොඳේ...)

      Delete
    2. අනිවා ,, අපේ සෙට් එකම ඉන්න වෙලාවක් බලලා පිල් දෙකකට බෙදිලා දාමු bassi

      Delete
  14. අපූර්වී මැතිනියනි ඇත්තෙන්ම ඔබේ කවි පබැඳුම් විශිෂ්ටයි .. මෙහි අන්තිම කවිය මගේ ඉහලින්ම සිත් ගත්තක් , එය ගීතයක කොටසක් බවට පත්කර ගැනීමට ඔබෙන් අවසර නීත්‍යානුකූලව ලබා ගන්නේ කෙසේද?

    මෙම කවිය

    ආදරේ පිවිතුරුයි - හිමාලය මෙන් උසයි
    සිත මගේ පිවිතුරුයි - පෑදී දිය මෙන් පෙනෙයි
    ඔබ මගේ වෙනවමයි - ආදරේ බර දැනෙයි
    දිවිපුරා ඔබ මගෙයි - සත්තමයි සත්තමයි

    ReplyDelete
    Replies
    1. ඔබ මට අවසර ලබා නොදෙන බව පෙනේ

      මේ තිබෙන්නේ මා මේ කවි ඇසුරෙන් සැදු ගීතයයි හොඳයි නම් ඔබ දන්නා ගායකයෙකුට හෝ ගායිකාවකට ලබාදෙන්න

      ආදරේ පිවිතුරුයි - හිමාලය මෙන් උසයි
      සිත මගේ පිවිතුරුයි - පෑදී දිය මෙන් පෙනෙයි
      ඔබ මගේ වෙනවමයි - ආදරේ බර දැනෙයි
      දිවිපුරා ඔබ මගෙයි - සත්තමයි සත්තමයි

      දිවිය මගේ ඇති තුරා නොහැක එය සගවන්න
      මිනි කැටක් වන් නුඹට බැරිය මට දුක් දෙන්න
      නිම නොවන දිවි අරුත නොසගවා ලැබ ගන්න
      ආදරය කොයි වෙතත් අපි අපේමයි වන්න

      ආදරේ පිවිතුරුයි - හිමාලය මෙන් උසයි ........

      නුබෙන් තොර ලෝකයක කිරුළු මට පළදින්න
      කොහොම නුබ කීවාද හිතන්නට බැහැ තාම ,,
      නුබේ දෙතොල් වල පහස හැර වෙනත් රසයකට
      නතුවෙන්න නොහැක මට සංසාරේ පුරාවට

      ආදරේ පිවිතුරුයි - හිමාලය මෙන් උසයි ........

      Delete
    2. ෂා ඇනෝ නියමයිනේ

      Delete
    3. ඇනෝ දෙන එකෙකුට දීපං ,හැබය් කතෘ භාගය එවපන් ..5% නම් මදි ඈ

      Delete
  15. ඉදහිට තමයි මුනුපොතට දැන් එන්නේ
    ආවත් වැඩක් නැ කියලා හිතමින්නේ
    මෙ වැනි රසක් කලෙකින් නැ හමුවෙන්නේ
    අයියො අපරාදේ කියලා ලතවෙන්නේ.

    ලැක්චර් මහතාගෙ කවිවල අමුතු රසක්
    යකිනිය වුනත් ඔමාගෙ නැ දෙවෙනි බවක්
    දෙන්න එක්ක කරනා විට ලවු දෙබසක්
    පවුලිස් ගොයියටත් ඉන්නට බැරි හැටියක්

    ReplyDelete
    Replies
    1. උඹේ බ්ලොගට යන්නට බෑ මොකද වුනේ
      කවි කියන්න පුළුවන් බව නෑ දන්නේ
      ඔමා බස්සි ශානුලාට බැනපන්නේ
      ගල් කාලක් අරගෙන් සෙට් වෙමුද ගුණේ

      Delete
    2. ගුනේ අයියා දන්නතුවයි බුකියේ රසේ
      ආවොත් ඔයත් සෙට් වෙන්නට අපගේ වටේ
      කියාවි ඇස් ලොකු කරගෙන අපිට වදේ
      බුකිය තරම් මිහිරි ලොවක් තවත් නැතේ

      Delete
    3. කාලක් නෙමෙයි ගල් බෝතලයක් ගැහුවත්
      ගෙඹිලූශයි ගුණෙයි කවි වාදෙට ආවොත්
      ඔමා ශානු සමගින් එක් වී බස්සිත්
      කවියෙනි කොටන්නේ නැතිවෙයි ඇඩ්රස් වත්

      Delete
    4. හොට වක බස්සි කැති පොලු අරගෙන එනවා
      ශානුයි ඔමයි, බුදු අම්මො මට බැරුවා
      එක හාමිනෙක්ගෙන් ගෙදරදි ගුටි කනව
      පවුලිස් මචො බොටුව රැකන් මම යනවා

      Delete
    5. ඔන්න යාළුවො ..නොදෝමකින් ...:D

      Delete
    6. යාලුවෙක් නිසා තමයි බොල කිවුවෙ.අමරුවෙ වැටෙනව බලන් ඉන්න බැරි නිසා

      Delete
  16. යකෝ කවි සක්වලක් නේ මෙතන මෙතන මම වගේ රසයක් නැති එවුන්ට තැනක් නැහැ

    ReplyDelete
  17. එකේ අමුතු ගතියක් තියනවා

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං