Sunday, 20 April 2014

හ්ම්ම්ම්ම්ම්ම්ම්

කියන්නට කවි දහක් තිබුණත්..
මගේ හිත තුළ තෙරපිළා....
අහන්නට කිසිවෙකුත් ළඟ නැත ..
කුමට කවිපද අමුණලා...
වහන්නට කවි පොතම සදහට 
සුදුසු කාළය එළඹිලා ..
මිලින වුණු මේ කවි හිතෙන් යමි 
නොඑන ලෙස පිටමන් වෙලා......


46 comments:

  1. ඒ මොකද අප්පේ නංගියේ?

    ReplyDelete
  2. එකවි විඳිනට අපේ සිත් ඇත
    අද සේ ම හෙට සැරසිලා
    ඒ නිසා කිම මිලින වී සිත
    පිපෙනු මිස කවි අමුණලා....

    ReplyDelete
    Replies
    1. සිතා සිටිමුත් එකම මග බව
      අපේ සිත් එක්සිත් වෙලා...
      හැරුණු තැන මා දුටිමි සිටි යුරු
      නුඹ ඇයට ළෙන්ගතු වෙලා....

      Delete
  3. සහසකුත්
    කන් ඇත
    අසන්නට කවි
    මග බලා....
    කුමන අරුමද
    නික්ම යන්නට
    නුඹ තනන්න‍ෙ
    මන්ද සිදුවූ දොසා..........

    ReplyDelete
    Replies
    1. නොදන්නෙමි මෙය යැයි කියන්නට
      එකක් ගෙන පිළිතුර කියා ...
      මහා අපුලක්,,තනිකමක් ඇත
      මගේ මේ තුන් හිත වසා ..

      Delete
  4. පිල්ශු කතා කියන්න එපා හරි .ලිව්වෙ නැත්නම් අපි බලා ගමු හරිය ..

    ReplyDelete
    Replies
    1. අම්මෝ හා,,, ඔක්කොමලා යුධ්ධේ පොකාස කරලා

      Delete
  5. අසන්නට කවි ලග නැතත් ඔහු……
    ගතින් ඔබගෙන් වෙන්වෙලා……
    සිතින් බැදි පෙම ඉවස ගන්නට……
    හැකි වේවී මේ පද නිසා……

    අසන්නට කවි ලග නැතත් ඔහු……
    ගොතනු මැන පද නොනවතා……
    නුදුරු දිනදිම ඔහු සෙවණෙ සිට……
    සැනසෙන්න හැක පද බලා……

    ReplyDelete
    Replies
    1. පාළු හිත තුල සිනහ ඉපදුණි
      ඔබ ලියු පද වැල බලා....
      මෙවැනි මිතුදම් වාසනා මට
      රැදෙමි රැකගෙන එය සදා..

      ලියන්නෙමි හිත හැදෙන තුරු නෙක
      ගීත පදවැල් මම ගොතා
      රැදෙනු මැන මා හා සමීපෙන්
      දකින තුරු ඒ සතුට මා

      Delete
  6. කවි සිතුම් නෑ කිසිදු විටකදී ගියේ ඔබ හැරදා පියා
    යන්න හැදුවට යන්න බැහැ ඒ සිතුම් හඬවාලා තියා
    සයුරු හතකින් ඈත්වී සිටියත් ගතින් වෙන්වී කියා
    වසර දෙකකට පසුව දිනෙකදී යලිදු හිනැහේවී එයා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.... :)

      Delete
    2. එකතුකරගමි නුඹේ පැතුමත්
      සතුට හිස මුදුනෙන් තබා
      රැදෙනු මැන මා සමග පෙරලෙස
      මිතුරු බැම්මෙන් පෙර ලෙසා

      Delete
  7. පික්ෂුද..... දුවේ නුඹට.......??????

    ReplyDelete
  8. ඉස්සෙලම කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    මම හිටියේ ඔයා පොස්ට් එකක් දානකන්මයි. ඔයාව අල්ලගන්න.

    @ ප්‍රියා @ ඉවාන්
    මෙයා මෙතන රන්කටොට චි වැරදුනා රකන්ටෝට ආලෝකේ පෙන්නලා අපිව අදුරේ දැම්මා. ඒ කතාවේ ඉතිරිය තාමත් නෑ. මම කිවුවා උද්ගෝෂණය කරනවා කියලා, මතකනේ??? දැන් කියනවා කවි ලියන එක නවත්තනවා කියලා. මේක මෙහෙම කරන්න බෑ. පාඨකයින්ව මංමුල කොරනවා. අපි කොහොමද ඉන්නේ අසම්පුර්ණ කතාවක් කියවලා?? අහිංසක අපි.....!

    ReplyDelete
    Replies
    1. ලයික් කරපු සහ මේ කොමෙන්ට් එක කරපු සහෝදරයන් සමග කේන්තියෙන් රිප්ලයි කරමි ඉදගෙන :)

      සද්ද කරන්න එපා මල්ලි මං හෙමීට ලියන්නම්,, යට ගිය තව දේවල් අනිත් අය අදීවි,, මන් ලියන්නම් :(

      Delete
    2. ඔව්වා ඔහොම තමා. ගණන් ගන්න එපා අයියෝ, දිගටම ලියන්න.
      කවි සිතුවිලි එතකොට ජිවිතේ අත්දැකීම් වැනි දේවල් ලියන එක, ඒ විදියට සජීවීව ලියන එක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.(මට නං බෑ ඔං.) බ්ලොග් ලෝකෙ හිටපු මේ ටික කාලෙට මට එක හොදට තේරුණා. එහෙම අදහස් තියෙන කෙනෙක් බ්ලොග් ලෝකය අතාරිනවා කියන එකත් අපරාධයක්.
      (හිරේ යන්නත් වෙයි හොදේ)

      හා කෝ.. හා කෝ.... සද්ද නැතුව ඉන්නම්කෝ, බලමුකෝ මෙයා ලියන්නේ කවද්ද කියල ඉදගෙන. :)

      Delete
    3. හි හි අනේ අනේ නිමෝ ,,, ඔන්න අර එවපු මේල හම්බුණා, යාළුවො දෙන්නගේ බ්ලොග් වලට ගියා , ඒ වගේම මේකේ එල්ලුව

      Delete
    4. අපිනං මුකුත් කියන්නෑ 2වැනි එක දාන්නෑ කියල,

      Delete
  9. මොකක්? බැන්දම එහෙම වෙනවද?

    ReplyDelete
    Replies
    1. හි හි ,, කවුද මල්ලි බැන්දේ ඈ


      Delete
  10. ඈහ්
    මේ මොකෝ මෙයා??

    අනේ අක්කේ ඇයි ඔයා මේ
    වගේ කැත වැඩ කරන්නේ?
    ඔයා නොලියා හිටියොතින් අපි
    කොහොම කවි රස විඳින්නේ?
    ලියන්නම බැරිකමක් වීනම්
    උදව්වක් වෙද අසන්නේ
    ඉඳලා හිටලා වත් ඇවිත් කවි
    රසය දීපන් යදින්නේ.

    බැන්දා කියලා එහෙම හරිදෝ
    කවිය නවතා දමාලා
    එහෙම බෑ බං අක්කියෝ
    මේ අපි හිඳින්නෙමු මග බලා
    ඔබේ කවියට කතාවට ඇත
    අපේ සිත් වහ වැටීලා
    යන්නෙපා මේ බ්ලොග අතැර
    මේ අපට දුක පමුණුවාලා

    ReplyDelete
    Replies
    1. හොදයි මල්ලියේ ලියන්නෙමි මං ආයෙමත් කවි අමුණලා
      මාද නොදනී මොනදොසක් මා හට වැදුනිදෝ
      ගම ගිහිල්ලා

      මං ලියන්නම් මල්ලි, ස්තුති

      Delete
  11. හුඟ දවසකින් ලිව්වේ නැතිවුනාමත් ඔහොම හිතෙනවා..අනික නිවාඩු ගිහින් ආපු ගමන්නේ. එහෙමත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ බ්ලොග් එක දිහා බලන්න හිතෙන්නේ නැහැ

      Delete
  12. මේ මොකෝ මේ..මොකක්ද වෙන්න යන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේ කවියක් උමේෂ්,, අපේ කට්ටිය බොරුවට බයවෙලා

      Delete
  13. ඒක එහෙම වෙන්න බැනේ...... කවි හිතක් කවදාවත් ගොළු කරන්න බැ.....

    ReplyDelete
  14. ඔය කවි හිත් එහෙම වහන්න බෑ කියලා දන්නවා බං.. ඔය ටිකක් නොලියා හිටියම ඔහොම වෙනවා.. ඒ හන්දා ටික දවසක් යද්දී ඕක හරි යාවි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්, ඔව් බන් ලියන්න දේවල් ගොඩක් තියෙනවා . thanks

      Delete
  15. දුකක්වත් හිතිලදෝ..

    ReplyDelete
    Replies
    1. නැතුවත් නෙමේ අනේ

      Delete
  16. සුභ පැතුම්!!!
    විජය කුමාරයා නම් හම්බුනා...

    කම්මැලි නැතිව ඊලග පෝසට් එක දාන්න බුකියෙ නිදාගන් නැතුව....හැක්..

    මයි මළදානෙත් එල්ලයි ද දන්නෑ...
    http://cvpsur.blogspot.com

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. :D මල්ලිත් ලණුව කාලනේ, ඒ අපේ ගෙවල් පැත්තේ අයියා කෙනෙක් අනී ඔන්න ඔය මලදානෙත් පැරකුම් බලකායේ එල්ලුවා

      Delete
    2. මේක මන් එල්ලලා ගොඩක් දවස් විදානේ ඔයා දන්නේ නැතුව ඇති

      Delete
    3. තැන්කිව් තැන්කව්..

      එ්කනේ එ් අයියත් එක්ක එකතුවෙලා කොල්ලෝ ලනු දෙනවනේ...

      Delete
    4. ඔව් අනේ හැටි විතරක් එයා මහා රැවුලෙක් නේ :D

      Delete
  17. ඉක්මනට ගෙන්න ගනින්. අරූ මෙහේ අඬනවා. උඹ ඔහේ අඬනවා..

    ReplyDelete
    Replies
    1. මේ මෙවුවා මාර්කටින් පාරවල්. බොලුවට අනී

      Delete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං