Sunday, 1 March 2015

කෑලි කැපුවත් කොල - love you Mom...

කෑලි කැපුවත් කොල

වැදගත් පාටක් වේනම් ලොවේ ඒ ........කොළයි
බැලු බැලු හතර වටේ පෙනෙන පාට ....කොළයි
අහස සිඹින තුරු හිස් මත දිළෙන පාට...කොළයි
සියළු සත්වයන් පාගන තණකොළ ගස් කොළයි

මොන පාටින් ඇට තිබුණත් පැල වැවුනම .කොළයි

සුදු පාටට සහල් වුණත් ළපටි ගොයම .......කොළයි
ගුණයෙන් පිරි පලාවර්ගයක්  ගානේ .........කොළයි
සුවැති හුස්ම ටික බෙදන්නේ අප හට ගහ ..කොළයි 

ට්‍රැෆික් ලයිට් වලින් අපිට යන්න දෙන්නේ කොළයි
හිම වැටුණාම කඳු වටකර සැඟවෙන්නේ .කොළයි
සියල්ලටම උඩින් පාට මම තියන්නේ ......කොළයි
රහස මගේ සුදු අම්මා  ආස පාට  ..............කොළයි


6 comments:

  1. සහතික ඇත්ත ඔමා.

    ඔච්චර සාක්කි තියෙද්දිත් මොකට අපි මේ නිල් පාටක් අල්ල්ලන් ඉන්නවද මන්ද...

    ReplyDelete
  2. 175% ට zoom කරලා කියෙව්වෙ කූඹිච්චියෙ!

    අම්මා කියන්නෙත් “මම කැපුවත් කොළ“ කියලද?

    ReplyDelete
  3. උයාව පේන්නෙත් කොල පාටට මට........
    අකුරු ගුඩක් ලොකු නිසා වට..........

    ReplyDelete
  4. උයාව පේන්නෙත් කොල පාටට මට........
    අකුරු ගුඩක් ලොකු නිසා වට..........

    ReplyDelete
  5. ඔව් ඔව් කොළයි

    ReplyDelete
  6. අමු යූඒන්පී කවියක්නේ.

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං